Windows 7 Logon Screen එක වෙනස් කරමු

Windows 7 default log-on screen

Windows 7 මෙහෙයුම් පද්ධතියේ ඇති විශේෂ ලක්ෂණයක් වන්නේ එහි Logon screen එක වෙනස් කිරීමට ඇති හැකියාවයි. ‍පෙර Windows සංස්කරණ වලදී මේ සඳහා third-party tools අවශ්‍ය වූවත් Windows 7 වලදී එසේ අවශ්‍ය නොවේ. පහත සඳහන් පියවර අනුගමනය කර පහසුවෙන් මෙය සිදු කළ හැක.

  1. මේ සඳහා පළමුව Windows Registry එකට වෙනස්කම් කිහිපයක් සිදුකළ යුතුය. ඒ සඳහා අවශ්‍ය registry file එක මෙතනින් download කර extract කරගන්න. ඉන්පසු එය double click කරන්න.
  2. ඉන්පසු C:\Windows\System32\oobe folder එක open කරන්න. (ඔබගේ පරිගණකයේ Windows install කර ඇත්තේ C: drive එකෙහි නොවේ නම් ගැලපෙන පරිදි path එක වෙනස් කර ගන්න)
  3. Open කරගත් oobe folder එක තුල Info නමින් අළුත් folder එකක් සාදා එය තුල backgrounds නම් folder එකක් සාදන්න.
  4. Logon screen එකට යෙදීමට අවශ්‍ය image file එක පෙර සාදාගත් backgrounds folder එක තුලට copy කර එය backgroundDefault ‍ලෙස rename කරන්න. 
    මෙම file එකෙහි format එක .jpg විය යුතු අතර file size එක 256kBට වඩා අඩු විය යුතුය.
  5. දැන් පරිගණකය restart කරන්න.

Comments

Popular posts from this blog

Automatically connect to a dial-up dongle in Windows 7

Set the battery level at which Ubuntu gives the "Battery Low" Warning

Cleaning older documents from Elasticsearch